ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

අන්ත ජාතිකවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරනය කරන ජවිපෙ/ජාජබ, බලයට පැමිනියහොත් ආඥාදායක පාලනයක් ඇති කිරීමට සූදානම් වෙයි

අධිරාජ්‍යවාදී බලවතුන් සහ අනෙකුත් රටවල් පිලිබඳ දිසානායකගේ ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු සහ ජාජබ/ජවිපෙ තව දුරටත් දකුනට මාරු වී ඇති බවත්, බලයට පැමිනියහොත්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කර ඇති බවත්ය.

කේ.රත්නායක

වැඩ තහනමට ලක්වූ විදුලිබල සේවකයින් 62 දැඩි කොන්දේසි යටතේ සේවයට කැඳවයි

මාස හයකට වැඩි කලක් මෙම සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබූ අතර, යලි සේවයට කඳවා ඇත්තේ ද ඔවුන් මත පටවා ඇති චෝදනාවලින් නිදහස් කර නොවේ.

විමල් පෙරේරා

නය ගෙවා ගැනීමට කුලී වැඩ කිරීමට සිදුව ඇතැයි අම්පාරේ ගොවීහු ප්‍රකාශ කරති

ධනපති ක්‍රමයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය මිතුරකු වන්නේ එයින් පීඩාවට පත්වන ගොවීන් ය. අනෙක් අතට, තමන් පෙලන ධනපති පාලනයට එරෙහි අරගලයේ දී ගොවීන්ගේ ආධාරකරුවා කම්කරු පංතියයි.

අපේ වාර්තාකරුවන්

විදුලිබල ඇමති ලංවිම රැකියා දසදහස් ගනන් කප්පාදු කිරීමේ සැලසුම් ගැන වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරයි

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ට එරෙහිව ජයග්‍රහනය දක්වා සටන් කරන බවට ව්‍යාජ ගෝරනාඩු කල වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවේ පුද්ගලීකරන සැලැස්ම සහ රැකියා විනාශය කම්කරුවන් මත පැටවීමට සක්‍රියව සහයෝගය දෙති.

ඩබ්ලිව්.ඒ.සුනිල්
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)