සසප ජනාධිපති අපේක්ෂකයා විසින් පවත්වන රූපවාහිනී සහ ගුවන් විදුලි කතා

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති එලිදැක්වීම සඳහා මැතිවරන කොමිෂම විසින් නිර්දේශ කොට, රාජ්‍ය රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල ලබාදී තිබෙන සම්පූර්න විනාඩි 90 විකාශන කාලය (එක් කතාවක් විනාඩි 15 බැගින්) කතා හයක් සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂ පානි විජේසිරිවර්ධන විසින් සිදුකරයි. සසප ජනාධිපති අපේක්ෂකයා සිංහල භාෂාවෙන් පවත්වන කතා දෙක ජාතික රූපවාහිනී නාලිකාව හා අයි නාලිකාව තුලින් ද, ඔහු වෙනුවෙන් දෙමල භාෂාවෙන් පවත්වන කතාව අයි නාලිකාව තුලින් ද විකාශය වේ. දෙමල බසින් පවත්වන කතාවද ඇතුලු ගුවන් විදුලි කතා තුන පැවත්වෙන්නේ ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ය. එම කතා විකාශනය වෙන මාධ්‍ය නාලිකා, දින සහ වේලාවන් පහත දැක්වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ( 91.7 සහ 91.9 )

*2024 සැප්තැම්බර් 03 අඟහරුවාදා උදේ 10.15 සිට 10.30 (සිංහල)

*2024 සැප්තැම්බර් 12 බ්‍රහස්පතින්දා උදේ 9.15 සිට 9.30 දක්වා (සිංහල)

*2024 සැප්තැම්බර් 14 සෙනසුරා දා සවස 4.15 සිට 4.30 (දෙමල)

රූපවාහිනී කතා පැවැත්වෙන දින සහ වේලාවන්:

*2024 සැප්තැම්බර් 10 අඟහරුවාදා සවස 6.15 සිට 6.30 දක්වා (දෙමල) චැනල් අයි

*2024 සැප්තැම්බර් 13 සිකුරාදා සවස 6.00 සිට 6.15 දක්වා (සිංහල) ජාතික රූපවාහිනී

*2024 සැප්තැම්බර් 14 සෙනසුරා දා සවස 6.00සිට 6.15 (සිංහල) චැනල් අයි